Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    2026-02-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
    • පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
    • හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි
    • කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?
    • ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම
    • පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්
    • නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
    • ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ගිනිකොණ දෙසින් ස්ථාපිත වෙයි

    පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ගිනිකොණ දෙසින් ස්ථාපිත වෙයි

    2026-01-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පහළ වායුගෝලයේ පැවැති කැළඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ නැගෙනහිර පළාතේත් නුවරඑළිය, මාතලේ, බදුල්ල, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

    අනුරාධපුරය, යාපනය, කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.

    මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද,වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇති විය හැක.

    මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    පහළ වායුගෝලයේ පැවැති කැළඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින බවත් ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් දන්වා සිටිනවා.

    වැසි තත්ත්වය

    කන්කසන්තුරය සිට ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ.

    සුළඟ

    දිවයින වටා වන මුහුදු පදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි.

    සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.

    බේරුවල සිට කොළඹ සහ පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55ක් 60ක් පමණ දක්වා ඉහළ යා හැක.

    ආශ්‍රීත පුවත්:  බිඳවැටුනු සමාජ මාධ්‍ය යථා තත්වයට

    කන්කසන්තුරය සිට ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා ඉහළ යා හැක.

    මුහුදේ ස්වභාවය

    බේරුවල සිට කොළඹ සහ පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

    කන්කසන්තුරය සිට ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක.

    weather
    පෙර පුව​තඕස්ටේ්‍රලියානු මාධ්‍යවේදිනියගේ අත්බෑගයට ගේම දුන් සැකකරු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත දෙදින නිල සංචාරකයකට ඉන්දීය හමුදාපති ජනවාරි 7 දිවයිනට

    සබැ​ඳි පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම

    පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    2026-02-15

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    2026-02-15
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්

    2026-02-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group