දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ, දරුවන් අතර ඩෙංගු රෝගය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා ඒ හා බී වෛරසයද ව්‍යාප්තවෙමින් පවතින බවයි.
දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දෙමව්පියන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇතැයි ඔහු පැවසුවා.
මේ අතර පසෙන් සහ ජලයෙන් ගොවීන්ට මාරාන්තික රෝගයක් වැළදීමේ අවධානමක් පවතින් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ බි ගුණරත්න මහතා පවසනවා . මේ හේතුවෙන් ගොවි ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවද ඔහු අවදාරණය කළා .
හඬ පට ධාවකයමේ පිළිබඳව පසුගිය දා පවතී මාධ්‍ය හමුවකදී කරාපිටිය ශික්ෂණ රෝහලේ ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය භාග්‍යා පියසිරි මහත්මියද අදහස් පල කළා.
ඇය සඳහන් කලේ මෙම රෝගය මී උණට සමාන රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් වෛද්‍යවරුන්ට පවා හඳුනා ගැනීමට අපහසු වන බවයි.