වයස අවුරුදු පහක පමණ දරුවෙක් දියේ ගිලී මියගොස් ඇති බව සීගිරිය පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ සීගිරිය, අවුඩංගාව ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලී ඇති මෙම දරුවා දඹුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු පහක් පමණ වූ දළුගම කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.
මෙම දරුවා දෙමව්පියන් සමග පිහිනුම් තටාකයේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇති බවයි සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













