නිවසක් මතට කඩා වැටී තිබූ පස් කන්දක් ඉවත් කරමින් සිටියදී තවත් පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ(06) දිනයේ අනතුරට ලක්ව රෝහල් ගත කළ පුද්ගලයන්ගෙන් එක්අයෙක් දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවුණු බවත් අනෙක් සිව්දෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් පවසනවා.
මස්කෙළිය, සාමිමලේ මාර්ගයේ බනියම් පාලම අසල නිවසකට කඩා වැටුණු පස් කන්දක් ඉවත් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මතට මෙලෙස තවත් පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
ඊට යට වී සිටි පිරිස වහා මුදාගෙන රෝහල් ගත කිරීමට අවට පදිංචිකරුවන් ඊයේ(06)සමත්වූ බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.
මස්කෙළිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වැසිත් සමග පසුගිය පස් වනදා පස් කන්දක් කඩාවැටුණු බවත් එම පස් කන්ද ඊයේ(06) දිනයේ ඉවත් කරමින් සිටියදී දහවල් කාලයේදී තවත් පස් කන්දක් කඩා වැටුණු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
පසුව ප්‍රදේශවාසීන් මස්කෙළිය රෝහලේ වෛද්‍යවරුන්ගේ සහයෝගය ඇතිව සහයෝගය ඇතිව පස් කන්දට යටව සිටි පුද්ගලයින් පස්දෙනා ගොඩට ගෙන මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.