Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පවුල් ලක්ෂ 20කට මාස දෙකකට රජයෙන් සහල් කිලෝ 20ක්

    පවුල් ලක්ෂ 20කට මාස දෙකකට රජයෙන් සහල් කිලෝ 20ක්

    2023-01-14කියවීමට මිනිත්තු 5ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රටක් ලෙස අප මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරම එක් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට සියලුදෙනා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී.

    රටේ පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබු මෙම හමුවට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ‍යේ වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයන් එක්ව සිටියා.

    මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටක් ලෙස විශ්වාසය ගොඩනඟා ගැනීමට හැකිවීම තුළින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා වඩා සාර්ථක කර ගැනීමට රජය සමත් වී ඇති බවයි.

    මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ ආර්ථිකය යහපත් තත්ත්වකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා 2024 වසරේ එම තත්ත්වයේ වඩාත් ප්‍රගතියක් අත්කරගත හැකි වනු ඇති බවට ද විශ්වාසය පළ කළා.

    රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යමින් ජනතාවට සහන සැලසීමට නම් රාජ්‍ය අංශය පමණක් නොව පෞද්ගලික අංශය ද ශක්තිමත් විය යතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

    අද ජනතාව විඳින දුෂ්කරතා තමන් අමතක කර නොමැති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙසේ හෝ ජනතාවට සහන ලබාදීමට ද කටයුතු කරන බව සඳහන් කළා.

    සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු, අප්‍රේල් මාසවල දී සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

    අපි ඉන්නේ කඩා වැටුණු ආර්ථිකයක් ඇති රටක. ආර්ථිකය කඩා වැටුණ රටක ජනතාවට විඳීමට සිදුවන දුෂ්කරතා අමුතුවෙන් කිවයුතු නැහැ. අද රටේ ජනතාව විඳින දුක මම හොඳට දන්නවා. අපි දකිනව රැකියා අඩුවෙනවා. උද්දමනය නිසා විශේෂයෙන් ජීවන බර වැඩිවෙලා තිබෙනවා. ජනතාවගේ ජීවන චර්යාව වෙනස් වෙනවා. එදා තිබුණ පහසුකම් නැති වෙලා තිබෙනවා. අධ්‍යාපන, සෞඛ්‍ය සෑම ක්ෂේත්‍රයකටම මෙය බලපා තිබෙනවා. මේ හැම එකක්ම මේ ආර්ථිකය කඩා වැටීම සමඟ ඇතිවන තත්ත්වයන්. මෙය සිදුවූයේ කෙසේ ද කියා දැන් කතා කරලා වැඩක් නැහැ. දැන් එය සිදුවී අවසන්.

    ආශ්‍රීත පුවත්:  නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිගෙන් විශේෂ පණිවිඩයක්

    දැන් අපට තිබෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනිම පමණයි. නැත්නම් අපට ගොඩ එන්න බෑ. අපි එම මාර්ගයේ යනවද නැතිනම් වැටී සිටිනවද යන්න අප තීරණය කළ යුතුයි. මම උත්සාහ කරන්නේ මේ වැටී ඇති රට ඉක්මණින් ගොඩගැනීමටයි.

    ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අපි මේ වන විට සිදුකරගෙන යනවා. අපි ණය ලබාගත් ප්‍රධාන රටවල් තුන වන ජපානය, චීනය සහ ඉන්දියාව අතරින් ජපානය සමඟ පැවති සාකච්ඡා අවසන් වී තිබෙනවා. අපි චීනයේ EXIM බැංකුව සමඟ මේ සතියෙ සාකච්ඡා කළා.

    දැන් ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා මෙම 19 වැනිදා ලංකාවට එනවා. ඔවුන් සමඟ සිදුකෙරෙන ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡා කරන්න. අපි පියවරෙන් පියවර මෙම කටයුතු ඉදිරියට කරගෙන යනවා.

    මෙම සාකච්ඡා අවසන් විමෙන් පසු අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.7ක් වාරික තුන හතරකින් ලැබෙනවා. ඊට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මේ සියල්ලෙන් තව බිලියන පහක් පමණ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව මේ වසර අවසානයේ දී ජපානය සමඟ විවිධ වැඩසටහන් ගණනාවක් නැවත ආරම්භ කළ හැකියි. අපි ඒ කටයුතු කරගෙන යනවා.

    ඒ සමඟම තව එක ප්‍රශ්නයක් තිබෙනවා. ගෝලීය වශයෙන් යුරෝපයේ සහ ඇමරිකාවේ ආර්ථික වර්ධනය දැන් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. එම තත්ත්වය තුළ ලබන වසරේදී අපේ අපනයන වෙළඳපොළ අඩු විය හැකියි.

    අපි අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කර ගත යුතුයි. මේ වසර අවසන්වන විට රටේ ආදායම වැඩිකර ගැනීමට අපට හැකියාව ලැබෙයි. එවිට ජනතාවට යම් සහන ලබාදිය හැකියි. ඊට පෙර රටේ ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. ඒ සඳහා රාජ්‍ය අංශය පමණක් නොව පුද්ගලික අංශය ද ශක්තිමත් විය යුතුයි. නැතිනම් එතන පරතරයක් ඇතිවෙනවා.

    පළමුව ජනතාවට ලබාදිය හැකි සහන මොනවාද කියා අපි සොයා බැලිය යුතුයි. සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20ක් සඳහා මෙම මාර්තු,අප්‍රේල් මාසවල දී සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් අපි ක්‍රියාවට නංවා තිබෙනවා . අපි බලාපොරොත්තු වෙනව මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ හොඳ තත්ත්වයක් ඇතිවෙයි කියල.

    ආශ්‍රීත පුවත්:  ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට ඉදිරියේදී නව නීති

    2024 වන විට අපි බලාපොරොත්තු වන වර්ධනය ඇතිකරගත හැකියි. එතෙක් සියලුදෙනාට මේ අසීරුතාවලට මුහුණදීමට සිදු වෙනවා.

    අද මෙතැන සිටින අය අතරින් වැඩිම දුෂ්කරතාවලට මුහුණදී සිටින්නේ වැඩ කරන ජනතාව හා කුඩා ව්‍යාපාරිකයින්. ඒ වගේම රාජ්‍ය මෙන්ම පෞද්ගලික බැංකුවලද ගැටලු මතු වී තිබෙනවා. අපි බැංකු පද්ධතිය ආරක්ෂාකරගත යුතුයි. බැංකු ආරක්ෂා කරන විට ඉන් ණය ලබාගන්නා කුඩා ව්‍යාපාර කඩා වැටිය හැකියි. එවිට ගන්නා පියවර කුමක්ද. 2024 සිට ආර්ථිකය හැසිරවිය යුත්තේ කෙසේ ද, ව්‍යාපාරවල තරගකාරීත්වය ආරක්ෂා කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි. එසේ ම වැඩ කරන ජනතාවට සහන ලබාදිය යුතුයි.

    රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික වෙළෙඳ ව්‍යාපාර, වෙළෙඳ මණ්ඩල, වෘත්තිය සමිති ගොවි ජනතාව මේ සියලුදෙනා එක් කරගෙන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අපි මේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද කියා අවම වශයෙන් සමාජ ගිවිසුමක රාමුවකට එළඹෙන්න මම යෝජනා කරනවා

    මෙහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

    පසුගිය මාස කිහිපය තුළ රජය ගත් පියවර නිසා අද රටේ ආර්ථික තත්ත්වය යම් තාක් දුරට වෙනස් වෙමින් පවතිනවා. නමුත් ඉදිරියට එම තත්ත්වය වඩා ශක්තිමත් කිරිමට නම් අප සහයෝගයෙන් නිෂ්පාදන හා සේවාවන් වැඩිදියුණු කර ලබාදිය යුතුව තිබෙනවා. ඒ මත තමයි රටක් ලෙස හිස එසවිය හැකි වන්නේ. ඒ සඳහා වැඩකරන ජනතාවගේ සහභාගිත්වය ඉතා වැදගත් වෙනවා.

    අපි සියලුදෙනා එකමුතුව මෙම අභියෝග ජයග්‍රහණය කළයුතුයි. මෙම ත්‍රෛපාක්ෂික සංවාදය පවත්වා අවසානයේ එය සමාජ ගිවිසුමක් බවට පරිවර්තනය කර නව අවස්ථාවකට පිවිසීමට ඔබ සියලුදෙනා දායක වනු ඇතැයි මම විශ්වාස කරනවා.

    අද මේ රට පත්ව ඇති තත්ත්වය පිළිබඳ අවබෝධයක් සියලුදෙනාට තිබෙනවා. කවුද මේ තත්ත්වය ඇති කළේ කියලා කාටවත් දොස් නගමින් සිටිය හැකි කාලයක් නොවෙයි මෙය. සියලුදෙනා එකතුවි මේ රට ගොඩනැගීමට උත්සාහ කළ යුතුයි. එම කාර්ය සඳහා සම්පූර්ණ සහයෝගය ලබාදීමට මේ රටේ වැඩකරන ජනතාව සූදානම් බව මම විශ්වාස කරනවා.

    ආශ්‍රීත පුවත්:  ජනාධිපතිගේ නිතීඥ දිවියට වසර 50 යි

    වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයන් ද මෙහිදී දීර්ඝ ලෙස අදහස් දැක්වූ අතර ජනාධිපති ‍ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

    Dinesh Gunawardena HE PM Ranil wickremesinghe RW
    පෙර පුව​තරෝහල් සේවකයින් 10 දෙනෙකු රෝහල්ගත කරයි
    ඊළඟ පුව​ත නව අපේක්ෂා දල්වන තෛපොංගල් දිනය අදයි

    සබැ​ඳි පුවත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group