ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කීර්තිමත් දිරිගන්වන්නෙකු වූ පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
ක්‍රිකට්ලෝලීන් විසින් පර්සි මාමා යනුවෙන් ආමන්ත්‍රණය කරන ලද ඔහු මෙරට මෙන්ම විදේශයන්හිද ජනප්‍රිය දිරිගන්වන්නෙකි.
පසුගිය අගෝස්තු මාසයේදී 87 වන වියට පා තැබූ පර්සි මහතා පසුගිය කාලයේ අසනීප තත්ත්වයෙන් පසු වූවා.
පර්සි අබේසේකර මහතා 1979 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දිරිගැන්වීමේ නිරතව සිටියා.











