නව අධ්‍යාපන ප්‍රතිසංවිධාන යටතේ ගුරුවරුන්ගේ වෘත්තියභාවය ඉහළ නංවමින් පන්ති කාමරයක සිසුන් පිරිස 25 ත් 30 ත් අතර සංඛ්‍යාවකට ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
පන්ති කාමරයක් තුළ ළමුන් 50 ක් 60 ක් වැනි පිරිසක් සිටීම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේදී ගැටලු සහගත බවයි ඇය පෙන්වා දෙන්නේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම සඳහා ගාල්ල දක්ෂිණපාය ශ්‍රවණාගාරයේ ඊයේ පැවති වැඩසටහනකදී අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.
මේ අතර යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පැවැත්වෙන කාල සීමාව පැය භාගයකින් දීර්ඝ වන බවද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා මෙහිදී ප්‍රකාශ කළා