පක්ෂ නායකත්වය විවේචනය කිරීම පිළිබඳව සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් ඉදිරියේදී සුදුසු ක්රියාමාර්ගයක් ගන්නා බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර ප්රකාශ කළා.
පක්ෂය තුළ සිට නායකත්වය විවේචනය කිරීම සුදුසු කටයුත්තක් නොවන බවයි ඒ මහතා සඳහන් කලේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහා ලේකම්වරයා සඳහන් කලේ සරත් ෆොන්සේකා මන්ත්රීවරයා ජනාධිපතිවරයාගේ කොන්ත්රාත්තුවක් ඉටුකරමින් සිටින බවයි.