තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු විය යුතු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
එමෙන්ම අදාළ පුගලයා තම පක්ෂයෙන් මැතිවරණය සඳහා පමණක් ඉදිරිපත් වන පුද්ගලයකු නොවිය යුතු බවයි ඒ මහතා පවසන්නේ.
තවද පක්ෂයෙන් ඉවත්ව කටයුතු කරන පුද්ගලයින් සමග කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බවද නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කලා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටීමෙන් ජයග්රහණය කිරීමට නොහැකි බව ජනාධිපතිවරයාගේ කදවුරේ සිටින කොටසක් පවසන බවද එසේනම් පොහොට්ටුව අතහැර එම කණ්ඩායමට වෙන්ව යා හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලා.