නීති විරෝධී දුම්වැටි තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනෙක් කොම්පඤ්ඤවිදිය පොලිසිය විසින් ඊයේ(27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පොලිසියට ලද තොරතුරක් මත කොම්පඤ්ඤවීදිය මෝගන් පාර ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී මෙම නීති විරෝධී දුම්වැටි තොගය අත්අඩංගුවට ගැනුණු බවයි.
එහිදී නීති විරෝධීව මෙරටට ගෙන එන ලද දුම්වැටි හතළිස් දහසක් සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 47ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් සහ වැඩිදුර විමර්ශනයන්හිදී එදින සවස් කාලයේදීම එම ප්‍රදේශයේදීම කොම්පඤ්ඤවීදිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් තවත් වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී ද නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද තවත් දුම්වැටි 40000ක් සමග තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 56ක් පමණ වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.