තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් රැගෙන යමින් සිටි සැකකරුවෙක් ඊයේ(01) වටවල දියගගල පොලිස් මාර්ග බාධකයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව නෝර්ටන්බි්‍රජ් පොලිසිය පවසනවා.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට නුවරඑළියේ සංචාරයක් සඳහා යමින් සිටි වෑන් රථයක් දියගල පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී දුම්වැටි 112ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් පමණ වන අවිස්සාවේල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට අද(02) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.













