රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
අද පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඒ බව සඳහන් කළා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ සංඛ්‍යා ලේඛනඥ සහ සංඛ්‍යා ලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩඉම් විභාගය ද අදාළ දිනවලදී නොපැවැත්වෙන බවයි.
මෙම විභාග දෙක, දෙසැම්බර් පළමුවනදා සහ දෙවනදා යන දිනයන් හිදී පැවැත්වීමට සූදානම් කර තිබුණ ද, අද දින නිවේදනය කළේ එම දිනවලදී අදාළ විභාග නොපැවැත්වෙන බවයි.