වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බවත්, ඒ සදහා උදාහාරණ දැක ගැනීමට ජනතාවට හැකිව ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30 ට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. විපක්ෂ විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුවයි අද සභාව කල්තැබීමේ විවාදය පැවැත්වුනේ .
එහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පැවසුවේ කුමන අයෙකු වුවද තරාතිරම නොබලා අවශ්‍ය නීතිමය කටයුතු සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ආණ්ඩුව විසින් පොලිසියට ලබා දී ඇති බවයි .
කවුරුන් හෝ වරදක් කර ඇත්නම් නීතිය ඉදිරියට ඔවුන්ව ගෙනඒමට පසුබට නොවන බව ද පැවසු අමාත්‍යවරයා, මේ වනවිට සිදුවෙමින් ඇත්තේ එලෙස වැරදි කරන ලද පිරිස් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ඒම බව ද සදහන් කළා.