සීමාසහිත නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියේ පාලනය සමගි ජන බලවේගය සහ පොදුජන එක්සත් පෙරමුණ එක්ව සමගියෙන් පිහිටුවා තිබෙනවා.
නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුක්තයි.
ඉන් පස් දෙනෙක් සමගි ජන බලවෙගයෙන් තේරී පත්ව ඇති අතර සෙසු දෙදෙනා තේරී පත්ව අත්තේ පොදුජන පෙරමුණ නියෝජනය කරමිනි.
එහිදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් අසංක ගුණසේකර, සුදින්ත කුමාර, ඊ. සුගතදාස, ලසන්ති චතුරිකා සහ රංගික රොෂාන්ත යන පස් දෙනා තේරී පත්වූවා.
පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුමාරසිරි දයාන්න සහ ඒ. සුමනපාල යන මහත්වරුන් පත්වූවා.
තේරී පත් වූ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවන් විසින් සභාපතිවරයා සහ උප සභාපතිවරයා ඒකඡන්දයෙන් තෝරාගෙන තිබෙනවා.