අධික වර්ෂාපතනය හේතුවෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් හා නිව් ජර්ස් නගරවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.
නිව්යෝර්ක් හා නිව්ජර්සි නගරවල මහා මාර්ග හා උමං මාර්ග ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.
ඇමෙරිකාවේ නැගෙනෙහිර වෙරළ තීරයට අධික වර්ෂාපතනයෙන් දැඩි බලපෑම් එල්ල වුණා.
අධික වැසි තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
අයහපත් කාලගුණය හේතුවෙන් නිව්යෝර්ක් සිට වොෂින්ටන් දක්වා ප්‍රධාන නගරයන්හි සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
පිලඩෙල්ෆියා සිට නිව්යෝර්ක් දක්වා මහා මාර්ග ජලයෙන් යටවී ඇති ආකාරය මාධ්‍ය වාර්තා කළා.