බගවන්තලාව ප්‍රදේශයට අද(19) දින ඇදහැලුණු අධික වැසිත් සමග බගවන්තලාව ආරියපුර ජනපදයේ නිවසක් මතට විශාල ආරක්ෂිත පැති බැම්මක් කඩා වැටීමෙන් එම නිවසා දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
දීපාවලී උත්සවය නිමිත්තෙන් එම නිවසේ පදිංචිකරුවන් කොළඹ ප්‍රදේශයේ ඥාති නිවසකට ඊයේ(19) දින පිටත්ව ගිය බවත් ඊයේ(19) දින රාත්‍රී අටට පමණ පැවැති වර්ෂාවත් සමග නිවස පිටුපස ඉදිකර තිබූ ආරක්ෂිත පැති බැම්ම කඩා වැටී ඇති බව එම ජනපදයේ පදිංචිකරුවන් කියා සිටිනවා.
ආරක්ෂිත පැති බැම්ම කඩා වැටීමෙන් නිවසේ නිදන කාමර දෙකකට සහ මුළුතැන් ගෙට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
එසේම නිවසේ පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩු බාහිර ආදියට විශාල වශයෙන් හානි වී තිබෙනවා.
මේ අතර නෝර්වුඩ් ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග වැසි ජලය ගලා බසිනා කාණු පද්ධතිය අවහිරවීමෙන් නෝර්වුඩ් නගරයට වැසි ජලය ගලා ඒම නිසා රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා.