අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවලට මායිම්ව තිබෙන නිල්ගල වනාන්තරය රක්ෂිතයක් ලෙස හෙට දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව පරිසර අමාත්‍යාංශය පවසනවා.
නිල්ගල වනාන්තරය හෙක්ටයාර 40,683 ක සමන්විත වනවා.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත බිබිල, රතුගල ආදිවාසී ජන උරුම මධ්‍යස්ථානයේ දී හෙට පෙරවරුවේ සිදුකිරීමට නියමිතයි.