නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව අද දෙවන දිනටත් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතයි.
එහි තේමාව වී ඇත්තේ “වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසදුම් සෙවීම” යන්නයි.
දේශගුණික විපර්්‍යාසය සහ ජෛව විවිධත්වය අහිමි වීමේ සිට කොරෝනා වසංගතයේ බලපෑම, යුධ ගැටුම් ඇතුළු වර්තමානයේ ගෝලීය ප්‍රජාව මුහුණ දෙමින් සිටින අභයෝග සදහා නව මූල්‍ය ගිවිසුමක අවශ්‍යතාවය හදුනාගත් ප්‍රංශ ජනාධිපතිවරයා, ලෝක නායකයින්ට ඊට සහභාගි වන ලෙස ආරාධනා කරනු ලැබුවා.
ඒ අනුවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවට සහභාගි වීම සදහා පැරිස් නුවර බලා ගියේ.