ආසියානු කලාපයේ මේ දිනවල පැතිර යමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින්ද හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසනවා.
වෛද්‍යවරයා කියා සිටියේ ඔමික්‍රෝන් වෛරසයට අදාළ අනු ප්‍රභේදයන් වන එල්.එෆ්. පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ්.ජී. යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවයි.
විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා කියා සිටියේ දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් සාම්පල යොදාගනිමින් කරන ලද පර්යේෂණවලින් මේ බව තහවුරු වී ඇති බවයි.
කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේදයන් සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවද වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් හදුනාගෙන ඇති බවත් මුඛ ආවාරණ පැළඳීම ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටින ලෙසත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.