නව ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සමීක්ෂණය කර නියාමනය කිරීම සදහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන, අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජාතික අධ්‍යාපන කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ ජාතික අධ්‍යාපන කොමිසමේ නව නිලධාරී මණ්ඩලය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සිදුවූ සාකච්ඡාවකදීයි.
මෙම සාකච්ඡාව ජාතික අධ්‍යාපන කොමිසමේදී පවත්වා තිබුණා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2026 සිට ආරම්භ කිරීමට සූදානම් බවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින ආයතන ඒකාබද්ධව නිසි ක්‍රමවේදයකට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ජාතික අධ්‍යාපන කොමිසමේ කාර්යභාරය පිලිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ.