ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරෙන “ධර්ම රශ්මි” පොසොන් කලාපය – දෙවන වරටත් හෝමාගම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.