අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගත් දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සිදු කල නියෝගයකට අනුවයි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කලේ.
එමෙන්ම සැකකරුගේ විදේශ ගමන්ද තහනම් කර තිබෙනවා.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරුට තවත් නියෝගයක් නිකුත් කර ඇති බවයි සදහන් වන්නේ.
මෙම පැමිණිල්ල සැප්තැම්බර් මස 03 වන දා කැඳවීමටද නියමවී තිබෙනවා.