දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පසුගිය දහ අට වැනිදා පෙරවරු 11.00 ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු අද අළුයම STF සමග ඇති වූ වෙඩි හුවමාරුකින් මිය ගොස් තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම 04.30 ට පමණ කහතුඩුව, පාලගම, කැදැල්ඕවිට ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කර ඇති අතර සැකකරු එහි සැඟව සිට STF නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරුව STF නිලධාරීන් ද සැකකරුට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු මිය ගොස් තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ STF නිලධාරියෙකු මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
මේ අතර වෙඩි වැදී මිය ගිය වෙඩික්කරුගේ මෘතශරීරය වෑතර රෝහලේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා තැන්පත් ඇති බවයි වාර්තා වන්නේ.