අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දෙසැම්බර් මාසයට අදාළ දීමනාව අද ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභී පවුල් දාහත් ලක්ෂ හත්දහස් තුන්සිය එකොළහක් සදහා මුදල් ලබා දීමට නියමිතයි.
සියළුම ප්‍රතිලාභීන්ට දෙසැම්බර් මස 13 වන දින සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව ද සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය සදහන් කළා.