රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල්වාරය අදින් අවසන් වනවා.
ඒ අනුව එම පාසල් සඳහා තෙවන පාසල් වාරය අගෝස්තු මස 18 වන සඳුදා දිනයේදී ආරම්භ කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරන්නේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ නිවේදනයට අනුව මුස්ලිම් පාසල් සඳහා දෙවන වාරය අගෝස්තු මස 19 වනදා අවසන් වන අතර තෙවන පාසල් වාරය ආරම්භ කෙරෙන්නේ අගෝස්තු මස 25 වනදායි.