දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලී වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබෙනවා .
මීට පෙර වර්ෂවල එම මුදල රුපියල් දස දහසක්ව පැවති අතර මේ අනුව එය රුපියල් 20,000 දක්වා ඉහළ යනු ඇති .
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ, දමිළ කම්කරු ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ අගයක පැවතීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි .