දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු පිළිබද අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.