සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සමඟ ඇති විය හැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
තවද, උතුරු-මැද, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ක ට වැඩි තද වැසි ඇති විය හැකියි.