දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අද සහ හෙට වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,
උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. .
බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තුමේන්තුව සදහන් කලා.
සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.













