බගවන්තලාව නගරයේ ලාෆ්ගෑස් අලෙවි නියෝජිතයා වෙත දින 45කට පසු අද(08) දින ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් තොග නිකුත් කර තිබෙනවා.
එම කාලය තුළ ලාෆ්ගෑස් නොමැතිවීම හේතුවෙන් එම ගෑස් සිලින්ඩර් ලබාගත් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත්ව සිටියා.
ලාෆ් ගෑස් සමාගම විසින් හැටන් සහ මස්කෙළිය යන ප්‍රදේශවල ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයන්ට ගෑස් තොග නිකුත් කළ බවත්, එම ගෑස් තොග මේ වන විට අවසන් වී ඇති බවත් ඉන් පසු එම සමාගම විසින් තමන් වෙත අවශ්‍ය ගෑස් තොග සමාගම විසින් නිකුත් නොකළ බවයි හැටන් සහ මස්කෙළිය ප්‍රදේශයේ ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයන් කියා සිටියේ.