වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවියේ යෙදවීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරායකාරී රැකියාවල ළමුන් යෙදවීමට අදාළ නීතිමය විධිවිධාන දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු පුද්ගලයෙකු, ළමයෙකු වශයෙන් නිර්වචනය කරනු ලැබ ඇති බවයි සඳහන් වන්නේ.
නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, රටේ මුළු ජනගහණයෙන් 30%ක් පමණ ළමා ජනගහණයට අයත්.
ඇතැම් ළමුන් විවිධ හේතූන් මත කුමන හෝ රැකියාවක් කිරීමට පෙළඹී ඇති බව, තමාගේ මව හෝ පියා සමඟ, එසේ නොමැති නම් මිනිස් වෙළෙඳාමේ ගොදුරක් ලෙස “වීදි දරුවෙකු ” බවට පත් වී දෙමාපියන් නොවන අයෙකු සමඟ පොදු ස්ථාන ආශ්‍රිතව සිඟමනේ යෙදෙන බව සහ නොයෙක් දේ අළෙවි කරන බව හඳුනාගෙන තිබෙනවා.