දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 14 කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ තීරු බදු පැනවීම පිළිබඳ ලිඛිතව දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අනුව එම තීරු බදු පැනවීම ලබන අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ. ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25 ක තීරු බද්දක් පැනවීමට නියමිතව තිබෙනවා. මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, සර්බියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, ටියුනීෂීයාව යන රටවල් සඳහා ද ඊයේ දිනයේ තීරු බදු පැනවීම සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරි පැය 48 ඇතුළත ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතුවලට අදාළ වැදගත් නිවේදන කිහිපයක් සිදුකිරීමටද නියමිත බව අමෙරිකානු භාණ්ඩාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.
උණුසුම් පුවත්
- දෙසැම්බර් මුල් සතියේ මෙරටට සංචාරකයින් 43,000ක්
- පාසල් යළි ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරේ
- ජලාශ කිහිපයක ජල මට්ටම් අඩු කෙරේ
- භූතානයෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩොලර් 200,000ක්
- මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට ඇ. ඩොලර් 100,000ක්
- ඉන්දියා – දකුණු අප්‍රිකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට
- බණ්ඩාරනායක පදනමෙන් ආපදාවට පත් ජනතාවට මුදල් පරිත්‍යාග
- අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීම ඇරඹෙයි










