පෑලියගොඩ පුත්තලම මාර්ගයේ ගොඩවෙල හන්දිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එක් අයෙක් මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පෑලියගොඩ දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ යතුරු පැදියක් එක්වරම මාර්ගයේ දකුණට හැරවීමට යාමේදී එම දෙසටම ධාවනය වූ ලොරි රථයක් යතුරු පැදියේ පසුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් යතුරු පැදිකරු සහ පසුපැදිකාරිය තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පැදිකරි මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් පමණ වූ කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.