අමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් යුක්රේනයට සහය දැක්වීම හරහා ඉදිරියේදී තුන්වන ලෝක යුද්ධය පවා ඇතිවිමට ඉඩ ඇති බවට රුසියාව අනතුරු අගවනවා.
එරට විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් කියා සිටියේ තවදුරටත් යුක්රේනයට බටහිර රටවල් සහය දක්වන්නේ නම් තම රට සතු න්‍යෂ්ටික යුද ශක්තිය උරගා බැලීමට වුවද සූදානම් බවයි.
කෙසේ වෙතත් රුසියාව ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් සතුව මෙවැනි බලයක් නොමැති බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.