ඇමරිකාවට ආනයනය කරන ඇලුමිනියම් හා වානේ සඳහා පනවා ඇති තීරුබදු 50%ක් දක්වා වැඩි කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය පෙර පැවති තීරුබදු අනුපාතය දෙගුණ කිරීමක් බවයි.
මෙමඟින් චීන ආනයන මත යැපීම අවම කර දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට උපකාර වන බවද ජනපතිවරයා ප්‍රකාශ කළා.
ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සෑම ඇමරිකානු වානේ කර්මාන්තකරුවෙක්ටම ඩොලර් 5,000ක ප්‍රසාද දීමනාවක් ලැබෙන බවයි.
මේ අතර ඇමරිකානු වානේ හා ජපානයේ නිපොන් සමාගම අතර හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට ඩොලර් බිලියන 14ක ආයෝජනයක් සිදු කරන බවද ට්‍රම්ප් ප්‍රකාශ කළා.