හැටන් කොටගල මේෆීල්ඩ් වතු යායේ වතු කම්කරුවන් වතු පාලන අධිකාරිවරයාට එරෙහිව ඊයේ(06) වතු කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව තිබෙනවා.
එම වතුයායේ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන නායකයෙකුගේ (තලවර්) වත්තේ වැඩ තහනම් කරමින් එම තලවර්වරයාට වතු අධිකාරිවරයා බැන වැදුනේ යැයි කියන සිද්ධියක් පනදම් කරගනිමින් එම වත්තේ වතු කම්කරුවන් වෘත්තීය සමිති භේදයකින් තොරව වැඩවර්ජනය කරමින් වතු කාර්යාලය ඉදිරපිට විරෝධතාවයේ නියැලී තිබෙනවා.
වැඩවර්ජනය කරමින් විරෝධතාවයේ නියැලීසිටි වතු කම්කරුවන් මෙලෙස කියා සිටියා.
“තම වතු යායේ සේවය කරන වතු කම්කරුවන්ගේ ගැටලු වතු පාලන අධිකාරිය සමග සාකච්ඡා කිරීමට සිටින කෙනා තමයි තලවර් කියන්නේ.
ඒ තලවර්ගේ වත්තේවැඩ තහනම් කරලා.
හේතු අපි දන්නේ නෑ.
අපේ වත්තේ හිටපු කිසිදු පාලකයෙක් වතු තලවර්ලගේ වැඩ නවත්තලා නෑ.
මේක තමයි පළමු අවස්ථාව.
තලවර්ගේ වැඩ නැවැත්තුවාම, අපේ ප්‍රශ්න කතා කරන්න ගියාම ඒ තලවර්ගේ වැඩ නවත්වනවා නම් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ කවුද?”
විරෝධතාවය සම්බන්ධයෙන් අප වතු පාලනාධිකාරියෙන් දුරකථනයෙන් කරුණු විමසීමට උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ථ වූවා.