තලවකැලේ තැපැල් කාර්යාලය අසල තොග සහ සිල්ලර වෙළෙඳ සැලක අද(09) දින දහවල් හටගත් ගින්න පැතිර යාම පාලනය කිරීමට තලවකැලේ පොලිසියේ නිලධාරීන් සහ තලවකැලේ නගරයේ ව්‍යාපාරික ප්‍රජාව එක්ව පියවර ගෙන තිබෙනවා.
දහවල් 12ට පමණ එම වෙළෙඳ සැලේ මුළුතැන්ගේ ගෑස් කාන්දුවකින් ගින්න ඇති වූ බවත් පසුව එම වෙළෙඳ සැල් හිමියා විසින් ගෑස් කාන්දුව නවතාලීමට පියවර ගැනුණද එම ගෑස් කාන්දුවෙන් වෙළෙඳ සැල තුළ ගින්න පැතිරී ගොස් තිබෙනවා.
පැතිර යමින් තිබූ ගින්න සෙසු වෙළෙඳ සැල්වලට පැතිර යාම දැඩි පරිශ්‍රමයක් යොදා වළක්වා ගැනීමට තලවකැලේ පොලිසියේ නිලධාරීන් සහ තලවවකැලේ නගරයේ ව්‍යාපාරික ප්‍රජාව එක්ව පියවර ගෙන තිබෙනවා.













