තලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටි තරුණයන් දෙදෙනෙකු යට කර පලාගොස් සැඟව සිටි බොලරෝ ලොරි රථයේ රියදුරා අද(20) දින සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසනවා.
අද(20) අලුයම 12.30ට පමණ අනතුරින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා තලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටියදී නගර මධ්‍යයෙන් අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථය තරුණයන් දෙදෙනා යට කර ගොස් තිබෙනවා.
සැකකාර රියදුරා තලවකැලේ ග්‍රෙඩ් වෙස්ටන් වතු යායේ නිවසේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවත් සැකකාර රියදුරා අධික ලෙස බීමත්ව සිටි බවයි පොලිසිය කියා සිටියේ.
අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා බරපතල තුවාල සහිතව ලිඳුල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
අනතුර සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.