තරුණ දේශපාලනඥයින් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා හමුව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 14කට අයත් තරුණ දේශපාලනඥයින් මෙලෙස ඒ මහතා හමුව ඇති බවයි සදහන් වන්නේ.
අදාළ පිරිස දෙසතිය වැඩසටහනක් සඳහා ඉන්දියාවට ගොස් සිටිය දී මෙම හමුව සිදුව ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, රන්ධීර් ජයිස්වාල් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර කලේ.
මෙහිදී ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය අගය කිරීමට ද මෙම පිරිස කටයුතු කර තිබෙනවා.
එමෙන්ම ඉන්දු – පාකිස්තාන අර්බුදයෙ බලපෑම සහ නව කලාපීය සහයෝගීතාවයක් නිර්මාණය කිරීමට ඉන්දියාව නායකත්වය ගනු ලබන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද සාකච්ඡාවට යොමු කර ඇති බවද සදහන් .