අද (23) අලුයම හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන්පාලම මත සිදුවූ රිය අනතුරකින් 21ක් හැවිරිදි තරුණයෙක්ට දිවි අහිමි වී ඇත.
ත්‍රිරෝද රථයක්, මහරගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ පසුපස අසුනේ ගමන් ගත් මගියෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී පිටුපස ආසනයේ ගමන් ගත් තරුණයා මියගොස් ඇත.
ඔහු මීගමවත්ත, වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මිරිහාන පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.