ර තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ..
“මොන්තා” සුළි කුණාටුව, අද උදෑසන 2.30 පමණ වන විට මුලතිව් සිට කිලෝමීටර 650ක පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති බව එම නිවේදනයේ සදහන්.
මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින් චණ්ඩ සුළිකුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වී අද සවස හෝ රාත්‍රියේ දී අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන්කරනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
ඉදිරි පැය 24 තුළ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස එම නිවේදනයේ දක්වා තිබෙනවා.









