තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
ප්‍රදේශවාසින්ගෙන් ලැබුණ තොරතුරකට අනුව තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් මෙම වැටලීම සිදු කර තිබුනා.
තංගල්ල ප්‍රදේශයේ නටොල්පිටිය වැලිවැන්න හරස් මාවතට යාබදව පිහිටි ඉඩමක තිබී සුදු පැහැති රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබුනා.
එම ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකරන බවයි පොලිස් නිලධාරින් සදහන් කලේ.
මෙම රසායනික ද්‍රව්‍ය ඊයේ මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමක් පරීක්ෂා කිරීමේදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යට බෙහෙවින් සමාන බවද වාර්තා වනවා.
රසායනික ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා අද පස්වරුවේ තංගල්ල පොලිසියට රැගෙන යාමට නියමිතයි.