කලක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ වධකාගාරයක් කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී වැටලීමට පෑලියගොඩ පොලිසිය සමත්ව තිබෙනවා.
ඩුබායි සිට ගම්පහ දිස්ත්‍රික්කයට මත්කුඩු බෙදාහරින එම ජාවාරමේ ක්‍රියාකාරීන් කැලණිය ප්‍රදේශයේ තරුණ තරුණියන්ට මත්කුඩු ණයට ලබාදී ණය නොගෙවා සිටින තරුණයන් මෙම වධකාගාරයට ගෙනැවිත් කෲර ලෙස වධහිංසා පමුණුවන බවට තොරතුරු පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.
මෙම ක්‍රියාවලය කලක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇති අතර ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමකට අනුව පෑලියගොඩ පොලිසිය විසින් මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී වධබන්ධනයට ලක්වූ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන අතර තවත් පුද්ගලයන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවද පෑලියගොඩ පොලිසිය පවසනවා.
මත්කුඩු ණයට ලබාගෙන මුදල් ගෙවීම පැහැර හරින තරුණයන් මෙම ප්‍රදේශයේ පවතින පාළු ඉඩමකට ගෙන්වා මෙලෙස වධබන්ධනය සකර තිබෙන බවට පෑලියගොඩ පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.
මෙම ඉඩම දැනට අමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන ව්‍යාපාරකයන් දෙදෙනෙකුට අයත් ඉඩමක් බවට තොරතුරු අනාවරණ කරගෙන ඇති අතර දැනටමත් එම ව්‍යාපාරිකයන් දෙදෙනාට මේ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බවද පෑලියගොඩ පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
-මව්බිම පුවත්පත -