මැයි මාසය තුළ ඩොලර් මිලියන 479.7 ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ශ්‍රී ලංකාවට ලැබී ඇති බව මහ බැංකුව පවසනවා.
පසුගිය වසරේ මැයි මාසය හා සැසඳීමේ දී එය ඩොලර් මිලියන 175 ක වැඩිවීමක් බව සදහන්.
එමෙන්ම මේ වසරේ ගතවූ මාස පහක කාලසීමාව තුළ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 2,346.9 ක ආදායමක් ලැබී ඇති බව ද මහ බැංකු වාර්තා සඳහන් කළා.
පසුගිය වසරේ මුල් මාස පහ තුළ ලැබුණු ඩොලර් මිලියන 1,335.6 ක ආදායමට සාපේක්ෂව එය සියයට 75.7 ක වර්ධනයක් බව සදහන්