බංග්ලාදේශයට එරෙහිව හෙට ආරම්භ වීමට නියමිත අවසන් එක්දින තරගයෙන් වේග පන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මධුශංක ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවට වාර්තා වනවා .
ශ්රී ලංකා ක්රිකට් ආරංචි මාර්ගවලට අනුව, 2 වැනි එක්දින තරගයේදී ඇති වූ ආබාධය හේතුවෙන් ඩිල්ෂාන් මධුශංක සති කිහිපයක් ක්රීඩාවෙන් ඉවත්ව සිටිනු ඇති බවයි වාර්තා වෙන්නේ.
එළැඹෙන IPL පළමු අර්ධයට ඔහුගේ සහභාගීත්වය පිළිබඳ සැකයක් මතුව තිබෙන බවද සඳහන්.