ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
එමෙන්ම ඩිජිටල් හැඳුනුම්පත් නිර්මාණය කිරීම සඳහා ඉන්දියාව රුපියල් කෝටි 1,000 ක ආධාරයක් ලබා දීමට එකඟ වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
තඹුත්තේගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.
එමෙන්ම මෙම ඩිජිටල් හැඳුනුම්පත හරහා මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට මෙන්ම බදු ගෙවීමේ කටයුතු සඳහා ද පහසුකම් සැලසෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.