කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් සංචාරක අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව අධිකරණය නියෝග කර ඇත්තේ එම තහනම එළැඹෙන දෙසැම්බර් මස 15 වැනිදා දක්වා දිර්ඝ කිරීමටයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝග නිකුත් කර ඇත්තේ විදෙස් ගමන් බලපත් දෙකක් ඩයනා ගමගේ මහත්මිය සතුව ඇති බවට ඇයට එරෙහිව ගොනු කර ඇති නඩුව අද(17) දින යළි විභාගයට ගත් අවස්ථාවේදීයි.