රුසියානු තෙල් මිලදී නොගන්නා ලෙසට ජනපති ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඉන්දියාව එකඟත්වය පළ කර තිබෙනවා.
රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එකඟ වූ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස අමෙරිකාව විසින් රුසියාවට ආර්ථික පීඩනය යෙදීමට දරන උත්සාහයට සහයක් වශයෙන් තමා කළ විසින් කළ ඉල්ලීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙලෙස එකඟ වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමෙරිකා ජනපතිවරයා මේ පිළිබඳව කියා සිටියේ ධවල මන්දිරයේ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් අමතමින්.