ජීව අත්බෝම්බ දෙකක් රුපියල් හැට දහසකට අලෙවි කළ බව කියන යුද හමුදා නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම අදාළ බෝම්බ දෙක මිලදී ගැනීමට පැමිණි ගැණුම්කරුද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මහනුවර යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ කෝප්‍රල්වරුන් දෙදෙනක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම කෝප්‍රල්වරුන් දෙදෙනා වයස අවුරුදු 39ත් 40ත් යන වයස්වල පසුවන දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.
බෝම්බ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටද වාර්තා වනවා.
යුද හමුදා සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ජීව අත්බෝම්බ මිලට ගත් පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට යුද හමුදා පොලිසිය පියවර ගෙන තිබෙනවා.