පසුගියදා ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වෙරළබඩ පොලිස් විමර්ශන නිලධාරීන් විසින්.
ඊයේ වෙරළබඩ 95 වත්ත ප්‍රදේශයේදී සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24 මිලිග්‍රෑම් 300ක් සමග අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු වයස අවුරුදු 24 ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.










